මහාමාරිය මිනිසුන්ට බෝ වන්නේ මීයන්ගෙනි. මීයාගේ සිට මිනිසාට මැක්‌කන්ගෙන් රෝගය සම්ප්‍රේෂණය වේ. සාමාන්‍යයෙන් මීයන් හා මැක්‌කන් නොයෙකුත් කෘමිනාශක යොදා ගැනීමෙන් පාලනය කිරීම සිදුවන අතර පැරණි ඉතිහාසයක් ඇති මේ රෝගය පතුරුවන මැක්‌කන් පළමු පෙළ කෘමිනාශක වලට යටත් නොවන තත්වයක් ගොඩනඟා ගෙන තිබේ.
මහාමාරිය ඇති කරනු ලබන්නේ මූෂික වර්ගයට අයත් සතුන් තුළ දක්‌නට ලැබෙන පියවි ඇසට නොපෙනෙන යර්සීනියා පෙස්‌ටිස් නම් බැක්‌ටීරියාව මඟිනි. එම සතුන්ගේ රුධිරය මත යෑපෙන මැක්‌කන් මිනිසා ඇතුළු අනෙකුත් නිරෝගි සතුන් වෙත රෝගය ගෙන යයි. රෝග බීජ පතුරුවන මැක්‌කෙකු පුද්ගලයෙකු සැපූ විට ඉදිමුණු වසා ගැටිති පෙන්වන මහාමාරිය ඇති විය හැකිය.
රෝග ලක්ෂන
බැක්‌ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වී දින 2-5 කට පසුව වසා ග්‍රන්ථ ආසාදනයට ලක් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වේදනාකාරි ගෙඩි බෙල්ල, කිහිලි හා ඉකිලි ප්‍රදේශවල මතු වේ. තද උණක්‌ද හට ගනී. ගෙඩි පිපිරී ගිය විට රුධිරය සම තූළට වහනය වී සම කලු පැහැ වේ.
බැක්‌ටීරියා පෙණහල්ලට පැතිරුණහොත් නියුමෝනියාව ඇති විය හැකිය. කැස්‌ස, පපුවේ වේදනාව, උණ සහ හුස්‌ම ගැනීමේ පහසුතාව එහි රෝග ලක්‌ෂණ වේ. නියුමෝනියාව කලාතුරකින් දකින්න ලැබෙන්නක් වූවත් මහාමාරියට වඩා භයානක වන්නකි. එසේ වන්නේ ආශ්වාසයෙන් සහ කැස්‌ස මඟින් එයට මිනිසුන් අතර පැතිරෙන්න ඇති හැකියාව නිසාය. මහාමාරිය රෝගයේ මුල් අවධියේම ප්‍රතිජීවක භාවිතය ඇරඹුවහොත් බොහෝ විට රෝගය සුව කිරීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
No comments:
Post a Comment