කොහොමද මේ ලෙඩේ හැදෙන්නේ ?
මේක බැක්ටීරියාවක් නිසා හැදෙන ලෙඩක්. ඒකේ නම Bordatella Portusis
මේ බැක්ටීරියාව බෝ වෙන්නේ ?
වාතය මගින්. ඒ කියන්නේ කහින කොට, කිවිසුම් යන කොට පිටවෙන දේ මගින්.
මේ ලෙඩේ රෝග ලක්ෂණ ?
මේක අපිට හැදෙන්නේ පියවර 3 කින්. පළවෙනි පියවරේදී සතියක් දෙකක් විතර නහයෙන් හොටු ගලනවා. හරියට තද පීනසක් හැදිලා වගේ. කිවිසුම් යනවා. පොඩි උණක් යම් තරමක කැස්සක්ද දකින්න තියෙනවා.
දෙවෙනි පියවර තමයි භයානක. ඒකේ ප්‍රධාන ලක්ෂණය වන්නේ එක දිගට දරුණු ලෙස කැස්ස ඇතිවීමයි. එක වාරයක් දිගටම කැහැලා ඉවර වෙලා ආයෙත් හුස්ම ගන්න අවස්ථාවේදී අමුතුම ශබ්දයක් එනවා.
එම ශබ්දය නිසා මේකට ‘කක්කල් කැස්ස’ යන නම යෙදෙනවා. කොච්චර තදින් කහිනවද කියනවා නම් කුඩා දරුවන්ගේ ශරීරය ඒ වෙලාවට නිල් පාට වෙන්න පුළුවන්. වමනය පවා ඇති වෙන්න පුළුවන්. මේ කැස්ස මාසයක් හෝ ඊට වඩා වැඩි කාලයක් විතර තියෙන්න පුළුවන්.
තුන්වෙනි පියවරත් ටික කාලයක් ඒ කියන්නේ මාසයක් විතර තියෙනවා. මෙහිදී නිව්මෝනියාව හැදීමේ තදබල අවදානමක් තියෙනවා. මේ කාලයේදී රෝගය සුවවෙමින් පවතින නිසා හදිසියේ කැස්ස වැඩිවීමක් සිදුවූවොත් නිව්මෝනියාව හැදිලා තියෙනවද කියන එක සැක කරන්න වෙනවා.
කක්කල් කැස්ස ඇයි මෙච්චර භයානක ?
පළවෙනි කාරණය මේ ලෙඩේට ගත වන කාලය මාස කිහිපයක් වෙන්න පුළුවන්. අනික් අතට ඒ හැදෙන කැස්ස නිසා නිව්මෝනියාවත් දිගටම කහින කොට මොළයට ලේ ගමන අඩාල වෙලා වලිප්පුව මොළය ඉදිමීම වගේ දේත් ඇති වෙන්න පුළුවන්.
එතකොට මේ ලෙඩට ප්‍රතිකාර ?
මේ ලෙඩේට ප්‍රතිකාර තියෙනවා. ඒ වුණත් රෝගය වළක්වා ගන්න එක වැදගත්. ඒ සඳහා එන්නතක් ලබා දෙනවා.
එන්නත ගැන ටිකක් කියන්න ? මෑතක් වන තුරු ත්‍රිත්ව එන්නත ලෙස මෙය අපිට ලබා දුන්නා. දැන් Pontaracent එන්නත ලෙස ත්‍රිත්ව එන්නතත්, Hepatitis B හා Hib එන්නත් එකතු කරලා ලබා දෙනවා. මේ එන්නතේදී කරන්නේ අඩපන කරන ලද කක්කල් කැස්ස බැක්ටීරියාව ශරීරයට ඇතුල් කරලා ඒකට විරුද්ධව ප්‍රතිශක්තියක් ඇඟ ඇතුලේ කලින්ම හදලා තියෙන එක. විෂබීජය විනාශ කර ඇති නිසා එන්නත හේතුවෙන් අපිට ලෙඩේ හැදෙන්නේ නැහැ.
වෛද්‍ය මහින්ද හේමපි‍්‍රය
ශික්ෂණ රෝහල රාගම
උපුටා ගැනීම : dinamina.lk

No comments:
Post a Comment