මිනිස් ශරීරයේ විවිධ කොටස් පාලනය මොළය
මගින් සිදුවේ. ශරීරයේ එක් එක් අවයව පාලනය කිරීමට විවිධ තැන් මොළයේ වෙන වෙනම
පිහිටා තිබේ. අපස්මාරයට හේතුවන්නේ මොළයේ සිදුවන සාමාන්‍ය විද්‍යුත්
ක්රියාදාමයේ ඇතිවන අසාමාන්‍ය අධි තත්ත්වයකි. එවිට එම රෝගියාට “ෆිට් එක”
එනම් මීමැස්මොර තත්ත්වය (වලිප්පුව) පෙන්වයි. මීමැස්මොරය ලංකාවේ සුලබව පවතින
රෝගයකි. විවිධ වර්ගයේ අපස්මාර තත්ත්ව දැකිය හැක.
රෝගයට හේතු
බහුතරයකට හේතුවක් පැහැදිලිව සොයාගත නොහැක.
ජාන මගින් එනම් ආරයෙන් එන බලපෑම ද වැදගත්ය. මීට අමතරව මොළයේ ඇතිවන ගෙඩි,
උපතේදී මොළයට වන තැලීම්, අසාමාන්‍ය පිහිටීම්, මොළයට ඇතුල්වන විෂබීජ, හිසට
ඇතිවන අනතුරු නිසා ද පසුකාලීනව අපස්මාරය ඇතිවිය හැක.
සමහර අපස්මාර රෝගින්ට විවිධ උත්තේජක නිසා වලිප්පුව (ෆිට්) ඇතිවන බව හඳුනාගෙන ඇත. එම උත්තේජක නම්,
- මානසික ආතතිය හෝ කාංසාව
- අධික ලෙස මත්පැන් භාවිතය
- සමහර ඖෂධ වර්ග ගැනිම (උදා-: විෂාදය සඳහා භාවිතාවන ඖෂධ)
- නින්ද මදි කම / නිදි මැරීම, අධිකව වෙහෙස මහන්සි වීම.
- නිරාහාරව සිටීම නිසා රුධිර ගුලූකෝස් මට්ටම පහල බැසීම.
- දීප්තිමත් සැර ආලෝකය.
- මාසික ශුද්ධ වීම.
- උණ ඇතිවන රෝග තත්ත්ව.
සිරුර තුළ ක්‍රියාත්මක වන අයුරු
මොළයේ ඇති නියුරෝන (සෛල මගින් අසාමාන්‍ය
ලෙස, අධික ශීඝ්‍රතාවකින් ආවේග නිකුත් කිරීම නිසා වලිප්පුව ඇති වේ. මෙම ආවේග
/ විද්‍යුත් ක්‍රියාවලිය මොළය පුරා පැතිරුනහොත් රෝගියා සිහිසන් විය හැක.
රෝග ලක්ෂණ
- ඇඟ දරඳඩු වීම හා ගැහීම.
- කටින් සෙම / පෙණ ලෙස පිටවීම.
- ඇස් උඩ යාම.
- සිහිය නැතිවීම හෝ සිහිය මද වීම.
- දිව සැපීම, තොල් සෙලවීම.
- අසාමාන්‍ය ලෙස කෑ ගැසීම.
- නොදැනුවත්ම මුත්‍ර හෝ මල පහ වීම.
සංකූලතා
- රෝගියා ගැසීම නිසා තුවාල සිදුවීම, අස්ථි බිඳී යාම.
- හිදිසි මරණය.
- කුඩා කළ සිට දීර්ඝ කාලීනව සිදුවන වලිප්පුව නිසා පසු කාලීනව ඇතිවිය හැකි ඉගෙනීමේ දුර්වලතා, මන්ද බුද්ධික භාවය.
- ගර්භනී කල ඇතිවුනහොත් දරුවාට හා මවට හානි විය හැක.
- හදිසි අනතුරු, දියේ ගිලීම.
ප්‍රතිකාර
දරුවාට අපස්මාරය ඇතැයි සැක නම් පමා නොවී
රෝහල් ගත කර නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබාදිය යුතුය. වලිප්පුව ඇසින්
දුටු කෙනෙක් ඇත්නම්, රෝගය පිළිබඳ නිසි විස්තර සැපයීමෙන් රෝගය නිවැරදිව
හඳුනාගත හැක. ඊඊජී, සීටී ස්කෑන් රෝගය හඳුනාගැනීමට උදව් වේ. රෝගය සඳහා
ප්‍රතිකාර ඖෂධ රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. මෙසේ ලබාදෙන ඖෂධ නියමිත
මාත්‍රාවෙන් දිනපතා ගත යුතුය. හිතු මතේට ඖෂධ නතර කිරිම හෝ නැවැත්වීම
නොකරන්න. සුදුසුකම් ලත් වෛද්‍යරයකු ඖෂධ නතර කෙරෙන තෙක් නිති පතා ලබාගත
යුතුය.
ඖෂධ ගැනීමේදී -
රෝගය සඳහා දුන් ඖෂධ නියමිත මාත්‍රාවෙන් දිනපතා ගත යුතුයි. බෙහෙත් ගැනීම සඳහා සුදුසු වෙලාවක් වෙන් කර ගන්න. එවිට බෙහෙත් අමතක වීම අවම කර ගත හැක.
රෝගය සඳහා දුන් ඖෂධ නියමිත මාත්‍රාවෙන් දිනපතා ගත යුතුයි. බෙහෙත් ගැනීම සඳහා සුදුසු වෙලාවක් වෙන් කර ගන්න. එවිට බෙහෙත් අමතක වීම අවම කර ගත හැක.
රිය පැදවීමේදී -
රියදුරු බලපත්‍රය සඳහා ඉල්ලුම් කිරීමේදී ඔබ අපස්මාරයෙන් පෙළෙන බව සඳහන් කරන්න. පොදු ප්‍රවාහන සේවයේ නොයෙදෙන්න. එනම් බස් රථ දුම්රිය රියදරු ධාවනයෙන් වලකින්න. ඔබ වසර 2 ක් හෝ වැඩියෙන් වලිප්පුව නොසෑදුනේ නම් ඔබේ වාහනය පැදවිය හැකි අතර ඔබ සමග කෙනෙක් රැගෙන යාම සුදුසු වේ.

රැකියාව සඳහා -
සමහර රැකියා (එනම් උස් තැන් වල වැඩ කිරීම, බර වාහන ධාවනය, ගුවන් නියමු වැනි) නිසා ඔබට හෝ අනෙක් මිනිසුන්ට හානි සිදුවිය හැක. කාර්යාල රැකියා. ගුරු වෘත්තිය වැනි රැකියා වඩාත් සුදුසු හා ආරක්ෂිතය.
සමහර රැකියා (එනම් උස් තැන් වල වැඩ කිරීම, බර වාහන ධාවනය, ගුවන් නියමු වැනි) නිසා ඔබට හෝ අනෙක් මිනිසුන්ට හානි සිදුවිය හැක. කාර්යාල රැකියා. ගුරු වෘත්තිය වැනි රැකියා වඩාත් සුදුසු හා ආරක්ෂිතය.
පාසැල -
ඔබේ දරුවා අපස්මාරයෙන් පෙළෙන බව ගුරුතුමීට දන්වන්න. හදිසි අවස්ථාවකදී කළ යුතු දේ ගැන එවිට ඔවුන් දැනුවත් වන බැවින් බොහෝ අපස්මාරය ඇති දරුවන්ට වෙනත් දුබලතා නැත. ඔවුන්ගේ රෝගය බෙහෙත් මගින් හොඳින් පාලනය කල හැක. නමුත් සමහර දරුවන්ට ඉගෙනීමේ දුර්වලතා ඇත්නම් විශේෂ පාසලකට හෝ විශේෂ පංති ඇති සාමාන්‍ය පාසලකට යෙදවීම සුදුසුයි.

ක්‍රීඩා -
අපස්මාරය වැළඳීම දරුවාගේ ක්‍රීඩාවට බාධාවක් කර ගන්න එපා. ඔවුන්ට සාමාන්‍ය පරිදි ක්‍රීඩාවේ යෙදීමට ඉඩ සලසන්න. නමුත් පිහිනීම වැනි ක්‍රීඩා වලදී පුහුණු අධීක්ෂණය අත්‍යාවශ්‍යයි.
අපස්මාරය වැළඳීම දරුවාගේ ක්‍රීඩාවට බාධාවක් කර ගන්න එපා. ඔවුන්ට සාමාන්‍ය පරිදි ක්‍රීඩාවේ යෙදීමට ඉඩ සලසන්න. නමුත් පිහිනීම වැනි ක්‍රීඩා වලදී පුහුණු අධීක්ෂණය අත්‍යාවශ්‍යයි.
ගමන් බිමන් යාමේදී -
ඔබේ ගමන් බිමන් යාමේදී ඖෂධ සියල්ල රැගෙන යන්න. අනවශ්‍ය ලෙස ගමන් සීමා කරන්න එපා. දිගු ගමන් වලදී ඔබ වෙහෙසට පත්වන නිසා වලිප්පුව ඇතිවිය හැකි අවදානම වැඩියි. ළඟ සිටින කෙනෙකුට ඔබේ තත්ත්වය පවසා සිටීම වැදගත් වේ.
ඔබේ ගමන් බිමන් යාමේදී ඖෂධ සියල්ල රැගෙන යන්න. අනවශ්‍ය ලෙස ගමන් සීමා කරන්න එපා. දිගු ගමන් වලදී ඔබ වෙහෙසට පත්වන නිසා වලිප්පුව ඇතිවිය හැකි අවදානම වැඩියි. ළඟ සිටින කෙනෙකුට ඔබේ තත්ත්වය පවසා සිටීම වැදගත් වේ.
- පුළුවන් තරම් සාමාන්‍ය දිවි පෙවතක් ගත කරන්න. ඔබට අපස්මාරය පවතින නිසා පසුබට වෙන්න එපා.
උපත් පාලන පෙති ගැනිමේදී -
අපස්මාරයට දෙන සමහර ඖෂධ නිසා උපත් පාලන පෙත්තේ සාර්ථකත්වයට බලපෑ හැකි බැවින්, අනවශ්‍ය ලෙස ගැබ් ගත හැක. එම නිසා උපත් පාලන ක්‍රමයක් සඳහා වෛද්‍ය උපදෙස් පැතීමේදී ඔබ අපස්මාරයෙන් පෙලෙන බව වෛද්‍යවරයාට පවසන්න.
අපස්මාරයට දෙන සමහර ඖෂධ නිසා උපත් පාලන පෙත්තේ සාර්ථකත්වයට බලපෑ හැකි බැවින්, අනවශ්‍ය ලෙස ගැබ් ගත හැක. එම නිසා උපත් පාලන ක්‍රමයක් සඳහා වෛද්‍ය උපදෙස් පැතීමේදී ඔබ අපස්මාරයෙන් පෙලෙන බව වෛද්‍යවරයාට පවසන්න.
ගර්භණී සමයේදී -
ගර්භණී තත්ත්වය අපස්මාරය රෝගය වැඩි කිරීමට බල නොපායි. නමුත් අපස්මාර ඖෂධ ඉතා සුළු ප්‍රතිශතයකින් උපදින දරුවාට බලපෑ හැක. ගර්භණී වීමට ප්‍රථමයෙන් ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ගර්භණී වීමට කලින් හා ගර්භණී සමයේදී ෆෝලික් අම්ලය වැඩිපුර ගත යුතුයි. ඔබ ගර්භණී වීම නිසා හිතුමතේට ඖෂධ නවත්වන්න එපා. එමගින් හදිසියේ ඇතිවිය හැකි වලිප්පු නිසා ඔබටත් දරුවාටත් හානි සිදු විය හැක.

- සමහර රටවල් වල අපස්මාර රෝගීන් විශේෂ අත් පලඳනා භාවිතා කරයි. හදිසියකදී ඇමතිය යුතු අය හා දරකථන අංක එහි සඳහන්ව ඇත.
ආරක්ෂාව
- උස් තැන්. ගින්දර, තියුණු උපකරණ අසල ගැවසීමෙන් වළකින්න.
- තනිව ජීවත් වීම අහිතකරයි.
- උදව් ඉල්ලා සිටින්න.
- රෝගියා සෙමෙන් පැත්තට හරවන්න. එනම් වම් ඇලයට හරවන්න.
- රෝගියාගේ මුව තුලට කිසිවක් නොදමන්න.
- රෝගියා අසල ඇති ඔහුට හානි සිදු විය හැකි දේ ඉවත් කරන්න.
- විනාඩි 5 කට වඩා පලිප්පු තත්ත්වය පවතී නම් හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන යන්න.
- කිසිවිටෙක අපස්මාර රෝගියකු කොන් කරන්න එපා
රෝග නිවාරණය හා වළක්වා ගැනීම
රෝගය සඳහා ඇති උත්තේජක වලින් වැලකී සිටින්න.
උදා :- නිදි මැරීම, බඩගින්න, අධිකව මත්පැන් භාවිතය, මානසික ආතතිය
උදා :- නිදි මැරීම, බඩගින්න, අධිකව මත්පැන් භාවිතය, මානසික ආතතිය
පරිශීලන
ජේෂන්ට් යූ.කේ. - අපස්මාරය ගැන ලියවුණු ග්රන්ථ, කුමාර් ඇන්ඩ් ක්ලාක් ග්‍රන්ථය
No comments:
Post a Comment