Saturday, November 5, 2016

බරවා

බරවා රෝගය මිනිසාට දිගුකාලීනව විරූපිතා සහ දුබලතා ඇති කළ හැකි රෝගයකි.

මිනිසාගේ වසා පද්ධතිය තුළ පරපෝෂිතයකු ලෙස ජීවත්වන නෙමටොඩි වර්ගයේ කුඩා පණුවකු විසින් බරවා රෝගය ඇති කරයි.

මෙම පරපෝෂිත පණු වර්ග දෙකක්‌ ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. එනම් චුචරේරියා බැන්කොµaටි  බෘගියාමලායි  යන වර්ග දෙකයි. මින් වැඩිපුර වාර්තා වන්නේ වුචරේරියා බැන්කොµaටි වර්ගයේ පරපෝෂිතයන්ය.

මෙම පරපෝෂිතයන් අපගේ ශරීරගතවන්නේ ගැහැනු මදුරුවන් මගිනි.

කියුලෙක්‌ස්‌  වර්ගයේ පරිණත ගැහැනු මදුරුවන් මඟින් වුචරේරියා පරපෝෂිතයන්ද මැන් සෝනියා වර්ගයේ පරිණත ගැහැනු මදුරුවන් මඟින් බෘගියා පරපෝෂිතයන්ද මිනිස්‌ සිරුරට ආසාදනය කරයි.

රෑට ලේ පරීක්‍ෂා කරන හේතුව

මෙම මදුරුවන් ලේ උරා බොන්නේ රාත්‍රී කාලයේදීය. මදුරුවන් මඟින් මිනිසාගේ ශරීරයට ඇතුළුවන බරවා පණුවන්ගේ ජීවිත කාලය වසරක්‌ පමණ වේ.

දිවා කාලයේදී මෙම පණුවන් පෙනහලු වැනි අභ්‍යන්තර රුධිර පද්ධතියේ ජීවත් වෙති. රාත්‍රී කාලයේදී පර්යන්ත රුධිර පද්ධතියට පැමිණේ. එනිසා බරවා රෝගය සඳහා රුධිර පරීක්‍ෂණ පවත්වන්නේ රාත්‍රී කාලයේදීය.

බරවා වාහක ගැහැනු මදුරුවන් මිනිසාගේ ලේ උරාබීමේදී බරවා ක්‌ෂුද්‍ර පණුවන් සිටින පුද්ගලයන්ගේ රුධිරය තුළින් මදුරුවන් තුළට යා හැකිය. එම පණුවන් මදුරුවාගේ ශරීරයේ වර්ධනය වී නැවත මිනිසාගේ ශරීරයට ඇතුළු වේ. එසේ වන්නේද බරවා මදුරුවන් අපගේ ශරීරයේ ලේ උරාබොනවිටදීය.

බරවා රෝග ලක්‍ෂණ

බරවා පණුවන් ශරීර ගතවූ සෑම පුද්ගලයකුටම රෝග ලක්‍ෂණ පහල වන්නේ නැත.

රෝග ලක්‍ෂණ ඇතිවන අවස්‌ථාවේදී පළමුව උණ, මස්‌ පිඬු වේදනාව, සමෙහි ඇතිවන වේදනාකාරී රතු ලප, වසා ප්‍රනාළවල ආසාදනය, කිහිලිවල හා ඉකිලිවල වසා ග්‍රන්ථි ඉදිමුම, අත්, පාද, සන්ධි, පියයුරු, වෘෂණ කෝෂ වැනි අවයව ආශ්‍රිතව ඉදිමුම සහ වේදනාව හටගනී

දීර්ඝ කාලීන රෝග ලක්‍ෂණ

බරවා රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලබා නොගත්විට පියයුරු, අත්, කකුල් සන්ධි ඉදිමුවට ලක්‌වේ. කල් යැමේදී වරින්වර බැක්‌ටීරියා ආසාදනය නිසා අලි කකුල්  ඇතිවීම පටකවල ස්‌වභාවික බාහිර පෙනුම වෙනස්‌වී විරූපිතා ඇතිවිය හැකිය. පිsමි අයගේ වෘෂණ කෝෂ වසා තරලය පිරීම නිසා විශාල වියහැකිය.

බරවා රෝගයට ප්‍රතිකාර

බරවා රෝaගය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ ලබාදේ. ඩයිඊ¨තයිල් කාබඔසින් සිටිටේ්‍රට්‌ (DEC) සහ ඇල්බෙන්ඩසෝල්  යන ඖෂධ වර්ග දෙකය.

ඇල්බෙන්ඩසෝල් පණු බෙහෙත් වර්ගයක්‌ බැවින් ආහාර මාර්ගයේ සිටින සියලුම පණු වර්ගද විනාශ වේ. එනිසා පණු රෝගවලින්ද ආරක්‌ෂා විය හැකිය.

නිවැරදි ඖෂධ මාත්‍රාව

වයස අවුරුදු 15 ට හෝ ඊට වැඩි වැඩිහිටියකුට DEC මිලිග්‍රෑම් 100 පෙති 03 ක්‌ හෝ මිලිග්‍රෑම් 50 පෙති 06 ක්‌ සහ ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 01 ක්‌ ලබාදේ.

වයස අවුර eදු 6 - 14 දක්‌වා ළමුන්ට

DEC මිලිග්‍රෑම් 100 පෙති 02 ක්‌ හෝ මිsග්‍රෑම් 50 පෙති 04 ක්‌ සහ ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 01 ක්‌ ලබාදේ.

වයස අවුරුදු 2 - 5 දක්‌වා ළමුන්ට

DEC මිලිග්‍රෑම් 100 පෙත්තක්‌ හෝ මිලිග්‍රෑම් 50 පෙති 02 ක්‌ද ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 01 ක්‌ද ලබාදේ.

වයස අවුරුදු 02 ට අඩු දරුවන්ට, ගැබිනි මවුවරුන්ට අවුරුදු 02 ට අඩු දරුවකුට කිරිදෙන මවුවරුන්ට සහ අසාධ්‍ය රෝගීන්ට බරවා රෝගය සම්බන්ධව ඖෂධ ප්‍රතිකාර ලබා නොදේ.

ඖෂධ නිසා මතුවන අතුරු ආබාධ මඟ හරවා ගන්න

බරවා රෝගය සඳහා ලබාදෙන ඖෂධ ආහාර වේලක්‌ ගැනීමෙන් පසු භාවිත කිරීම වඩාත් සුදුසුය. එවිට ඇතැම් දෙනා පවසන හිසරදය, ඔක්‌කාරය, කරකැවිල්ල, සම මතුපිට පළු දැමීම ආදී කලාතුරකින් ඇතිවන අතුරු ආබාධ ඇතිවීම මඟහරවා ගත හැකිය.

බොහෝවිට අතුරු ආබාධ ඇතිවන්නේ බරවා පණුවන් ශරීරයේ සිටින පුද්ගලයන්ටය. එම නිසා අතුරු ආබාධ වැඩිපුර මතුවුවහොත් වෛද්‍යවරයකු වෙත යොමුවිය යුතුය.

බරවා රෝගය නිසා ඖෂධවලින් ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයට පත්ව අත්පා ඉදිමුමට ලක්‌වූ විට එම අවයව ඉදිමුමට ලක්‌වූ ස්‌ථාන සැත්කම් මඟින් ඉවත් කළද ඉතිරි කොටස්‌ද නැවත ඉදිමුමට ලක්‌විය හැකිය. නිසා බරවා රෝග සඳහා වසරකට වරක්‌ නිසි ඖෂධ ලබා ගැනීම තුළින් ඉන් සම්පූර්ණයෙන්ම මිදිය හැකිය.

බරවා මදුරුවන් සිටින තැන්

බරවා රෝගය පතුරුවන මදුරුවන් උණුසම් පරිසරය සහිත ප්‍රදේශවල ජීවත් වේ. එනිසා ඔවුන් සීතල පරිසරය සහිත ප්‍රදේශවල දැකගත නොහැකිය.

බරවා මදුරුවන් බිත්තර දමන්නේ අපිරිසිදු ජලයේය. එනම් ජලය එක්‌රැස්‌වන කාණු, කැඩුණුq වැසිකිළිවල, පොල් ලෙලිවල සැල්වීනියා පිස්‌ටියා, ජපන් ජබර ආදී ජලජ පැළෑටි ආශ්‍රිතවය.

බරවා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඒ. එල්. µරීඩ් සහ එම ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර යන මහත්ම මහත්මීන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැත්වූ දේශන ඇසුරිනි.


උපුටා ගැනීම:  www.divaina.com

No comments:

Post a Comment