ඉරුවාරදය හෙවත් මිග්රේන් යනුවෙන්
හදුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි. මෙම
හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
හිසේ කැක්කුමක් සමගම බොහෝ විට ආහාර මාර්ගය
හා ඇස්වල පෙනීම ආශ්‍රිතව රෝග ලක්ෂණ හට ගනී. සාමාන්‍යයෙන් මෙය කාන්තාවන්
අතර බහුලවන අතර වයස අවුරුදු 10 සිට 45 දක්වා පුද්ගලයන් අතර දැකිය හැක.
එකම පවුලේ සාමාජිකයන් අතර මෙම රෝගය වැළදීමේ හැකියාව වැඩි නමුත් ජානමය හේතුවක් මෙම රෝගය සදහා තවම සොයා ගෙන නැත.
ඉරුවාරදය ඇති වීමට හේතුව
රෝග ලක්ෂණ
ඔබ වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
ප්‍රතිකාර
ඉරුවාරදය වැළැක්වීම
ඉරුවාරදය ඇති වීමට හේතුව
ඉරුවාරදයට නිශ්චිත හේතුව තවම සොයාගෙන
නොමැති වුවද යම් උත්තේජනයකින් පසුව මොළය ආශ්‍රිතව රුධිරවාහීනී විස්තාරණය
වීම නිසා මෙයට බලපාන බව විශ්වාස කෙරේ.
රෝග ලක්ෂණ
- හිසරදය - හිසේ එක් පැත්තකින් හට ගන්නා තදබල හිසේ කැක්කුමක් ලෙස ඇතිවේ. මෙම හිසේ කැක්කුම පැය කිහිපයක සිට දින කිහිපයක් එක දිගට පැවතිය හැක.
- ඔක්කාරය හා වමනය
- කරකැවිල්ල
- ආහාර අරුචිය
- ආලෝකය දෙස එක එල්ලේ බැලීමේ අපහසුව
ඉරුවාදය ඇති රෝගීන්ගෙන් 10% දෙනෙකුට පමණ
රෝග ලක්ෂණ ඇතිවීමට පෙර අනතුරු ඇගවීමේ සංඥා ඇති විය හැක. තරු හෝ සිග්සැග්
වැනි දෑ දිස්වීම, දර්ශන පථයේ අදුරු ලප දිස්වීම, එක් ඇසක් නොපෙනී යාම ලක්ෂණ
ප්‍රධාන රෝග ලක්ෂණවලට පෙර ඇති විය හැක.
ඉරුවාදය රෝග ලක්ෂණ මතු කිරීමට හේතුවන සාධක
මෙම සාධක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
ඒවා නම්,
- තද හිරු එළිය
- නිදි වැරීම
- තද බඩගින්න
- මානසික ආතතිය
- කාන්තාවන්ගේ මාස් ශුද්ධිය
- සමහර ආහාර වර්ග - උදාහරණ ලෙස චීස්, චොකලට්, ඇඹුල් බීම ආදිය
ඔබ වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
- හිසරදය සාමාන්‍යයෙන් ඔබට ඉරුවාරදය සෑදෙන තත්ත්වයට වඩා බරපතල වීම, වැඩි වාර ගණනක් සෑදීම හෝ සාමාන්‍ය ප්‍රතිකාරවලට සුව නොවීම.
- අවුරුදු 50 ට වැඩි වයසකදී ඔබට මුලින්ම ඉරුවාරදය ඇති වීම.
- හිසරදය සමග උණ ඇති වීම.
ප්‍රතිකාර
ඉරුවාරදය නිසා ඇති වන රෝග ලක්ෂණ වෙන රෝග
නිසාද ඇති විය හැකි නිසා වෛද්‍යවරයකු විසින් රෝග නිර්ණය කිරීම වැදගත් වේ.
ඉරුවාරදය සම්පූර්ණයෙන් සුව කිරිමට නොහැක.
රෝග ලක්ෂණ ඇති අවස්ථාවලදී ඒ සදහා වෙදනා
නාශක හා වමනය සදහා ඖෂධ ලබා දෙයි. නිශ්ශබ්ද අදුරු ස්ථානයක විවේක ගැනීම ද රෝග
ලක්ෂණ අඩු කිරීමට හේතු වේ. ඉරුවාරදය සෑදී ගෙන එන අවස්ථාවේදීම බෙහෙත්
පාවිච්චි කිරීමෙන් ඉක්මණින් සුවය ලැබිය හැක.
ඔබ නිතර නිතර ඉරුවාරදයෙන් ඉතා බරපතල ලෙස
පීඩා විදින, ඒ නිසා ඔබේ එදිනෙදා ජීවිතයට බලපෑමක් ඇති අයෙකුනම් ඔබේ
වෛද්‍යවරයාගෙන් ඉරුවාරදය හැදීම මගහැරීම සදහා ඇති ඖෂධ භාවිතය ගැන උපදෙස් ලබා
ගත හැක. එහෙත් මෙම ඖෂධ බොහොමයක් ගර්භනී කාලයේදී හා කිරි දෙන අවස්ථාවලදී
භාවිතා කිරීමට නුසුදුසු නිසා ඒ පිළිබදව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න.
ඉරුවාරදය වැළැක්වීම
ඉරුවාරදය සදහා දිනපොතක් තබා ගැනීමෙන් එය
සෑදීමට බලපාන සාධක හදුනා ගෙන ඒවා මග හරවා ගත හැක. අධික හිරු එළිය
අවස්ථාවලදී, අව් කණ්නාඩි පැළදීමද, නිරාහාරව නොසිටීම, අවශ්‍ය නින්ද ලැබීම හා
ව්‍යායාම මෙම රෝගී තත්ත්වය අඩු කිරීමට හේතු වේ.
ඊට අමතරව ඉරුවාරදය සෑදීම වැළැක්වීමට ඇති ඖෂධ භාවිතයෙන් ද සෑදෙන වාර ගණන අඩු කළ හැක.
No comments:
Post a Comment