දඳය නැතහොත් ‘එක්සීමා’ සමේ ඇති වන
ප්‍රදාහයකි. මෙම දඳය වර්ග කිහිපයකට බෙදිය හැකි අතර ‘ඒටොප්ක්’ ඒකසීමා හෙවත්
(සාමාන්‍ය ව්‍යවහාරයේ ‘රිත්කයා’ නමින් හඳුන්වන වර්ගය වඩාත්ම බහුල වේ.
‘රිත්තයා’ - වරින් වර
ඇතිවන කැවීම හා රතු පැහගැන්වූ සම මෙහි ප්‍රධාන ලක්ෂණ වේ. ළමා වියේදී බහුලව
දැකිය හැකි මෙහි ශරීරයේ ව්‍යාප්තිය වයසත් සමග වෙනස් වේ. කුඩා දරුවන්ගේ
මුහුණේ දැකිය හැකි මෙම තත්වය වයසින් වැඩි දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ වැළමිට
ඇතුළු පැත්තේ හා දණහිස නැම්මේ දැකිය හැක. සමහර පවුල් වල මෙය සුලබ වන අතර
ඇඳුම හා ‘හේෆිවර්’ යන රෝග සමග සම්බන්ධ වේ.
මීට අමතරව සබන්, රෙදිසෝදන කුඩු වර්ග හා විවිධ රසායනික ද්‍රව්‍ය නිසාද දඳ ඇති විය හැක.
දඳ සෑදෙන්නේ ඇයි?
එක්සීමාව කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවන්නේ
නැත. මෙම සමහර අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ කිසිම හේතුවක් නැතිව ඇති වුවද
සමහර විට විවිධ උත්තේජක රෝග ලක්ෂණ මතු කිරීමට හේතු වේ.
- සබන් වර්ග, ෂැම්පු වර්ග, රෙදි සෝදන කුඩු වර්ග.
- මල් වල ‘පෝලන්’.
- වෙනත් රෝග වලින් පෙලීම.
- හෝර්මෝන තත්වයන්හි වෙනස්වීම් - මාස්ශුද්ධිය, ගර්භනී තත්වය.
- මානසික පීඩනය.
- අධික ශීතල / උණුසුම.
රෝග ලක්ෂණ
රෝග ලක්ෂණ දඳ වර්ගය හා බරපතලකම මත තීරණය වේ.
- සම රතු පැහැ ගැහීම.
- කැසීම.
- වියළි, ඉරි තැළුණු සම.
- කුඩා දිය බුබුළු ඇතිවීම.
- ඝන රළු හම මෙහි රෝග ලක්ෂණ වේ.
ප්‍රතිකාර
සාමාන්‍යයෙන් ඕනෑම වෛද්‍යවරයෙකුට මෙම දඳ තත්වය නිර්ණය කළ හැක. රෝග විනිශ්චය පැහැදිලි නොමැති අවස්ථාවන්හි දී විශේෂඥ චර්ම වෛද්‍යවරයෙකු වෙත යැවිය හැක.
බොහෝ දඳ නිට්ටාවට සුව කළ නොහැකි නමුත් රෝග
ලක්ෂණ නියමිත ප්‍රතිකාර මගින් පාලනය කළ හැක. දඳ සඳහා භාවිතා වන ප්‍රධාන
ඖෂධ වර්ග පහත දී ඇත.
‘එමෝලියන්ස්’ / තෛලමය ආලේපන - සමේ තෙතමනය වැඩි කිරීමට හේතුවන මෙම ආලේපන රෝග ලක්ෂණ නොමැති වුවද ආලේප කළ යුතුයි.
ස්ටෙරොයිඩ් ක්‍රීම් :-
ශරීරයේ ඇතිවන අසාත්මිකතාවය අඩුකර රෝග ලක්ෂණ පාලනය කරයි. එහෙත් අතුරු ආබාධ
නිසා ඉතාම දුබල ස්ටේරොයිඩ් වර්ගය තුනීව ආලේප කල යුතුයි. එසේ නැතහොත් සම
තුනී වී සම රැලි වැටීම සිදුවිට හැක.
දඳ සමග ජීවත් වීම
ප්‍රතිකාර නිසි ලෙස කිරීම මෙන්ම රෝග ලක්ෂණ උත්තේජනය කරන හේතු කාරක මගහැරීම ද රෝග පාලනය කිරීමට වැදගත් වේ.
කර්තෘ - වෛද්‍ය පී.ජී.ජී. ආරියසිංහ මිය (එම්.බී.බී.එස්, ඩීඑෆ්එම්)
No comments:
Post a Comment