කර්තෘ - වෛද්‍ය ශාමිලා සමරනායක (MBBS, DCH)
ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
ආයතනය - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
සෙංගමාලය යනු අක්මාවේ ඇති වන අසාධ්‍ය
තත්ත්වයකි. මෙම ආසාධන තත්ත්වය විවිධ හෙපටයිටිස් වෛරස (ඒ.බී.සී.ඩී.ඊ) සහ
අනෙකුත් වෛරස, බැක්ටීරියා සහ ඇතැම් විෂ වර්ග නිසා ඇති විය හැක.
මාතෘකාව යටතේ විස්තර වන හෙබටයිටිස් ඒ හා ඊ
වෛරස නිසා හටගන්නා සෙංගමාලය ඇතිවන්නේ, එම විෂබීජ අඩංගු ආහාර හා ජලය, මුඛය
හරහා ඇතුල්වීම තුළින් අක්මාවට හානි වීමෙනි. අනෙකුත් වෛරස වලින් වැළදෙන
සෙංගමාලයට වඩා හෙපටයිටිස් ඒ වෛරසය නිසා ඇති වන සෙංගමාලය බරපතල බවින් අඩුය.
වයසක ඇත්තන්, පාසැල් ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්ට මෙම විෂබීජය
ඇතුළුවීම වැඩි ප්‍රවණතාවකින් සිදුවේ. සාමාන්‍යයෙන් හෙපටයිටිස් ඒ වලින්
ඇතිවන සෙංගමාලය වරක් ඇති වූ පසු නැවත ඇති නොවේ.
රෝග කාරකය
මෙම මාතෘකාව යටතේ කථා කෙරෙනුයේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ඇතුල් වන හෙබටයිටිස් ඒ හා ඊ වලින් වැළදෙන සෙංගමාල තත්ත්වයයි
ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු
විශබීජය ඇතුළත් ආහාර ගැනීමෙන් හෝ දියර / ජලය පානය කිරීමෙන් පසු සති 3 – 8 අතර කාලයකින් රෝග ලක්ෂණ පහළ විය හැක
රෝග ලක්ෂණ
මෙම රෝගය බරපතල භාවය අනූව පරාසයක් තුළ
දක්නට ලැබේ. සමහරු මද රෝගී තත්ත්වයක් පෙන්වන අතර සමහරුන්ට මාස කීපයක් පුරා
ඇතිවන බරපතල රෝග ලක්ෂණ පවතී.
හෙපටයිටිස් ඒ සෙංගමාලය නිසා උණ, කෑම
අරුචිය, වමනය, ඔක්කාරය, හිසේ කැක්කුම, අධික මහන්සිය, ඇගපත වේදනාව, බඩේ
වේදනාව (විශේෂයෙන් බඩේ දකුණු පස උඩ කොටස), පාචනය ඇස් සහ සම කහ පැහැ වීම
දැකිය හැක. තද කහ පැහැ මූත්‍රා පිට කරන අතර සමහර විට මලපහ ලා පැහැයක් ගනී.
සංකූලතා
ගර්භනී සමය තුළ හෙපටයිටීස් ඊ වෛරසය
සෙංගමාලය වැලදුන විට මළ දරු උපත් පවා ඇති විය හැක. මවගේ ජීවිතයටද හානි වීමට
තරම් හෙපටයිටීස් ඒ සෙංගමාලය නිසා සාමාන්‍යයෙන් මරණ ඇති නොවේ.
ප්‍රතිකාර
ඇතැම් රුධිර පරීක්ෂණ මගින් රෝගය තහවුරු
කිරීම සහ කෙතෙක් දුරට අක්මාවට බලපෑ ඇත්ද, යන්න තීරණය කළ හැක. නමුත්
හෙපටයිටීස් ඒ සහ ඊ සෙංගමාලය සදහා විහේෂිත වූ ප්‍රතිකාර නැත. රෝගියා
හැකිතාක් විවේක ගත යුතුයි. එමෙන්ම හොදින් දියර / ජලය පානය කළ යුතුයි. රෝගී
කාලයේ මධ්‍යසාර භාවිතා කිරීම කිසි විටෙක නොකළ යුතු වන්නේ ඉන් තව දුරටත්
අක්මාවට හානි විය හැකි නිසාය.
සාමාන්‍යයෙන් හෙපටයිටීස් ඒ සහ ඊ සෙංගමාලය ඉබේ කාලයත් සමග සුව අතට හැරේ.
රෝගය වළක්වා ගැනීම.
හෙපටයිටිස් ඒ සෙංගමාලයෙන් වැලකීම සදහා
එන්නතක් ඇත. මෙය සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ලබා ගත හැක. නමුත්
හෙපටයිටිස් ඊ වෛරසයෙන් වැළකීමට එන්නතක් නැත.
- ආහාර පිළියෙළ කිරීමට පෙර, ආහාර ගැනීමට පෙර හා වැසිකිළි යාමෙන් පසු සබන් දා අත් සෝදා ගන්න.
- සෑම විටම උතුරවා නිවා ගත් ජලය පානය කරන්න.
- හැකි සෑම විටම ගෙදරදී පිළියෙල කළ ආහාර ගන්න. හොදින් පිසින ලද ආහාර අනුභව කරන්න.
- මැස්සන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ආහාර වසා තබන්න.
- පලතුරු, පළා වර්ග අමුවෙන් ආහාරයට ගැනෙන එළවළු හොදින් සෝදා ආහාරයට ගන්න.
- සෑමවිටම මලපහ කිරීමට වැසිකිලියක් භාවිතා කරන්න. කුඩා ළමුන්ගේ මලපහ වැසිකිළියටම දමන්න.
- ගර්භනී මව්වරුන් තමන් ගන්නා ආහාරවල පිරිසිදු බව ගැන වඩාත් සැළකිලිමත් විය යුත්තේ, හෙපටයිටිස් ඊ විෂබීජය ශරීරගත වූවොත් දරුණු ලෙස සෙංගමාලය වැලදිය හැකි බැවිනි. එම නිසා සෑම විටම නිවසේ පිළියෙල කළ හොදින් පිසූ ආහාර අනුභව කිරීම යෝග්‍යය.
No comments:
Post a Comment