මිනිසාට ඉතාමත් දුක්‌දෙන මෙම රෝගය මූලාරම්භ රෝග ලක්‍ෂණ ලෙස මලබද්ධය දැක්‌විය හැකිය. (මළ බද්ධය යනු අවශ්‍ය තරම් මළ පහ පිට නොවීම හා තවත් මළ පහ ඉතිරිව ඇති බව දැනීම) අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම කෘත්‍රිම ආහාරවලට පුරුදු වී කෙඳි සහිත ආහාර නොගැනීම, ශරීරයට ව්‍යායාම නොලැබීම, මළමුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය දැනුන විට පිට නොකර සිටීම, නිදි මැරීම, එක දිගට ඉඳගෙන හෝ සිට ගෙන සිටීම, බර ඉසිලීම, අධික ලෙස මත්පැන් පානය, උෂ්ණ අධික ආහාර (ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බලමාළු, තක්‌කාලි, සැමන්, අන්නාසි, අච්චාරු, දෙල්, හරක්‌මස්) පමණ නොදැන ගැනීම, අපිරිසිදු බව, පණුරෝග, මානසික හේතු ආදිය අර්ශස් රෝගය හැදීමට හේතු පාදක වේ.
අර්ශස් රෝගයට වයස් සීමාවක් නොමැත. අර්ශස් රෝගය පුද්ගලයකුට වැළඳෙන අවස්‌ථා 4 ක් දැක්‌විය හැක.
පරම්පරාවෙන් අර්ශස් රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ.
දරුවකු කුසට එනවිට මව හෝ පියා අර්ශස් රෝගයෙන් පෙළෙන්නේ නම් උපදින දරුවාටද මෙය උරුම වීමට ඉඩ තිබේ.
තරුණ වියට එළැඹීමත් සමග කරන රැකියා, චර්යා රටාවල් අනුව අර්ශස් රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ පවතී.
ගර්භණී සමයේ කාන්තාවන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් හේතුවෙන් ද අර්ශස් රෝගය වැළඳීමට ඉඩ තිබේ.
උදරගත පිළිකා ඇති පුද්ගලයන්ටද අර්ශස් රෝගය වැළඳීමට ඉඩ තිබේ.
අර්ශස් රෝගයේ විවිධ වර්ග තිබේ. මෙය පිරිමින්ට පමණක් සීමා වූ රෝගයක්‌ද නොවේ.
ලේ අර්ශස්, අභ්‍යන්තර අර්ශස්, ගුද භ්‍රන්ස, භගන්දරා මින් සමහරක් වේ. මෙහිදී බහුලව දැකිය හැකි අර්ශස් වර්ග හා කාන්තාවන්ට බහුලව වැළඳෙන අර්ශස් රෝග පහත සඳහන් පරිදි විස්‌තර කළ හැකිය. ඒවා නම්,
ලේ අර්ශස් හෙවත් රක්‌ත අර්ශස්
ගුද මාර්ගයේ මාංශපේශි ත්‍රිත්වයක් තිබේ. මෙම මාංශ පේශීSS ත්‍රිත්වයෙන් ප්‍රවාසහිණී, මාංශපේශියෙන් මළ එකතු කිරීමද, විසර්ජණී මාංශ පේශියෙන් මළ පහළට තල්ලු කිරීමද, තෙවැනි මාංශපේශිය වූ සංවරණීයෙන් නැවත මළ පිට වෙන්නට නොදී ගුදයේ තොල් හකුළුවනු ලැබීමද කෙරේ. ආයාසයෙන් මළ පිට කිරීමට උත්සාහ කිරීමේදී ගුද ගත ලේ නහරවල ස්‌වාභාවික පීඩනයට බාධා ඇතිවත්ම ඒ නහරවල ගැටිති ඇතිවී ඒවා පුපුරා ලේ වහනය වන්නට පටන් ගනී. මෙය ලේ අර්ශස් හෙවත් රක්‌ත අර්ශස් ලෙස හැඳින්වේ.
අභ්‍යන්තර අර්ශස්
ඉහත සඳහන් ලෙසට ගුද ගත ලේ නහරවලට බාධා ඇතිවන විට, සමීපස්‌ථ මාංශපේශීවල අංකූර (මස්‌දළු) පැනනැඟේ. මේවා අභ්‍යන්තර අර්ශස් ලෙස හඳුන්වනු ලැබේ.
බාහිර අර්ශස්
අභ්‍යන්තර අර්ශස් වැඩිපුර පිරිමි තුළ දැකිය හැකි අතර 10% ක් පමණ අභ්‍යන්තර අර්ශස්‌වලට ගොදුරු වන කාන්තාවන්ද ඇත. ඉතිරි 90% ගත හොත් බාහිර අර්ශස් රෝගයෙන් පෙළෙන අයයි. ශරීරයේ අභ්‍යන්තරයේ සිට ඇති වන මාංශ පේශි ඉදිමුම ගෙඩි වශයෙන් ගුදයේ එළියේ විසිරී පවතියි. අර්ශස් රෝගය උත්සන්න වූ විට මේවා ඉදිමී වේදනාකාරී ලක්‍ෂණ පහළ වේ. අභ්‍යන්තර අර්ශස් රෝගියකු තුළ දැකිය හැකි දැවිල්ල. මළ බද්ධය ඇතුළු සියලුම රෝග ලක්‍ෂණ ද බාහිර අර්ශස් රෝගියා තුළ ද දැකිය හැකියි. එමෙන්ම මෙම රෝගයෙන් හුදකලාව වේදනා විඳින කාන්තාවන්ට එක් වාසනා ගුණයක් පිහිටා තිබේ. එනම්, සති 4 ක් වැනි කෙටි කාලයක් තුළදී මෙම තෙල් ප්‍රතිකාරයෙන් පූර්ණ සුවය ලබාගත හැකි වීමයි.
ගුද භ්‍රංස - මුළු ගුදයම කුඩා බැලුමයක් සේ වැසිකිළි යන විට එළියට එන අතර විශාල වශයෙන් සෙවළ වැගිරීමක් දක්‌නට හැකියි.
භගන්දරා - තට්‌ටම් ප්‍රදේශයේ කුඩා ගැටිති ලෙස මෙය හට ගන්නා අතර ඒවායින් වාතය පිටවීම, තෙත සැරව ගැලීම දැකිය හැකියි.
පරිකර්තිකා හෙවත් ගුදය පැලීම -
මෙය සීමා සහිතව දැකිය හැකි අතර මෙම රෝගීන්ට නිතරම තෙත ගැලීම සිදු විය හැකියි.
විද්‍රdධී - ගුදය ආසන්නයේ සැරව ගෙඩි ලෙස ඇතිවන මේ තුළින් නිතරම සාරය ගැලීම සිදුවන අතර දැඩි වේදනාවක් ඇති වෙයි.
අර්ශස් රෝගියෙක් තුළ දැකිය හැකි පොදු ලක්‍ෂණ ලෙස මළ බද්ධය බඩ පුරවා දැමීම දැක්‌විය හැකියි. ලේ යැම, තෙත ගැලීම, සීදන්යැම, කොන්ද, යටිබඩ හා දන හිස් වේදනාව, ගැස්‌ට්‍රයිටීස් තත්ත්වය, මුත්‍ර අඩස්‌සිය, නොසන්සුන් බව, අධික ලෙස තරහ යැම, හිස බර ගතිය, පීනස ආදී අතුරු රෝග තත්ත්වයන් දැක්‌විය හැකිය.
No comments:
Post a Comment