කතෘ - වෛද්‍ය පී.ජී.ජී. ආරයසිංහ (M.B.B.S.,DFM)
හැදින්වීම
රෝගය වැළැක්වීම හා නිවාරණය
හැදින්වීම
මෙම රෝගය සරම්ප වෛරසය නිසා සෑදේ. ඕනෑම
වයසක කෙනෙකුට සෑදිය හැකි වුවද වැඩි වශයෙන් සරම්ප රෝගය වැළදෙනුයේ ළමයින්ටය.
ඉතා කුඩා ප්‍රතිශතයකට සංකූලතා ඇති විය හැකි වුවද වැඩි දෙනෙකු පූර්න සුවය
ලබයි
රෝග කාරකය
සරම්ප වෛරසය
රෝග ලක්ෂණ
මුලින්ම ඇතිවන රෝග ලක්ෂණ වනුයේ තද උණ,
නාසයෙන් සොටු දියර ගැලීම හා ඇස් ආසාදනයයි. ඊට අමතරව වියළි කැස්ස, කෑම
අරුචිය, ඇගපත අමාරුව හා පාචනය ඇති විය හැක. සුදු පාට කුඩා පැල්ලම් මුඛය තුල
ඇති විය හැක.
හිසෙන් පටන්ගෙන පැතිර යන රතු පැල්ලම් දින
03ක් / 04ක් ඇතුළත දැකිය හැකි වේ. දින 2/3 ක් අතර මුළු ශරීරය පුරා පැතිර යන
මෙම පැල්ලම් දුඹුරු පැහැති වී ක්‍රමක් ක්‍රමයෙන් නැති වී යයි.
වැඩි දෙනෙකු දින 7-10ක් ඇතුළතදී සම්පූර්ණ සුව ලැබුවද සමහර විට වියළි කැස්ස ඊට වැඩි කාලයක් පැවතිය හැක.
ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහ නිසා සාමාන්‍යයෙන් ජීවිතාන්තය දක්වාම ප්‍රතිශක්තිය ලැබේ.
සරම්ප රෝගයේ ඇතිවන රතු පැහැති පැල්ලම්වලට
සමාන සමේ ආසාදන වෙනත් රෝග නිසාද ඇති විය හැකි වුවද සරම්ප නිසා ඇතිවන මෙම
පැල්ලම් දින කිහිපයක් ඇතුලත මැකී යයි.
සංකූලතා
කන් ආසාදනය - මේ නිසා කන් කැක්කුම ඇති විය හැක.
උණ වලිප්පුව -
ශ්වසන ආබාධ -
නියුමෝනියාව -
එන්කෙජුලයිට්ස් - මොළයේ ආසාදන දුබල වුවද මාරාන්තික වියහැකියි. නිදිමත ගතිය, හිස කැක්කුම හා වමනය මෙම තත්ත්වයේ ලක්ෂණ වේ.
උණ වලිප්පුව -
ශ්වසන ආබාධ -
නියුමෝනියාව -
එන්කෙජුලයිට්ස් - මොළයේ ආසාදන දුබල වුවද මාරාන්තික වියහැකියි. නිදිමත ගතිය, හිස කැක්කුම හා වමනය මෙම තත්ත්වයේ ලක්ෂණ වේ.
වපරය - වපරය සෑදීමේ හැකියාව සරම්ප රෝගය සෑදුනු ළමුන්ගේ .........................
SSPE – (Sub acute sclerosing pan encephalitis) වසර ගණනාවකට පසුව ඇති විය හැකි දුර්ලභ තත්ත්වයකි.
සරම්ප රෝගය නිසා සංකූලතා බොහොමයක් දැකිය
හැක්කේ ප්‍රතිශක්තිය අඩු හා මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් අතරය. එම හේතුව නිසා
දියුණු වෙමින් පවතින රටවල තවම සරම්ප නිසා මරණයට පත්වන ළමුන් ගණන සැළකිය
යුතු ප්‍රමාණයකි
ප්‍රතිකාර
සරම්ප වෛරසය සදහා විශේෂිත ප්‍රතිකාර
නොමැති වුවද ශරීරයේ ප්‍රතිශක්තියෙන් රෝගය මර්ධනය කරන තුරු රෝග ලක්ෂණ පාලනය
කිරීම සදහා සුළු ප්‍රතිකාර කළ හැක.
- වැඩිපුර දියර පානය කිරීම.
- උණ හා ඇගපතේ අමාරුව සදහා පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබා දිය හැක.
- ප්‍රතිජීවක පෙති දීම - සරම්ප නිසා කන් අමාරුව, නියුමොනියාව, වැනි බැක්ටීරියා ආසාදන ඇති වූ විට පමණක් ප්‍රතිජීවක දිය හැක. සාමාන්‍ය සරම්ප රෝගය සදහා ප්‍රතිජීවක අනවශ්‍ය වේ.
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වනුයේ,
සාමාන්‍යයෙන් විශේෂිත ප්‍රතිකාර නොමැතිව
සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම සුව වුවද රෝගය හදුනා ගැනීම සදහා වෛද්‍යවරයකු
බැලිය හැක. ඊට අමතරව රෝගය උත්සන්න වෙන ලකුණු තිබෙන විට වෛද්‍ය ප්‍රතිකාර
අවශ්‍ය වේ. එම ලක්ෂණ වනුයේ,
- නිදිබර ගතිය
- විජලනය - බොන දියර ප්‍රමාණය අඩු වූ විට මෙය සිදුවේ. පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීම, කට/දිව වියළීම, නිදිබර ගතිය මෙහි ලක්ෂණ වේ.
- හුස්ම ගැනීමේ අපහසුතා
- වලිප්පුව
රෝගය වැළැක්වීම හා නිවාරණය
සරම්ප රෝගය සීග්‍රයෙන් බෝවේ. වෛරසය ශරීර
ගතවූ පසු දින 10-14 ක් ඇතුලත රෝග ලක්ෂණ මතු වේ. රෝගය පැතිරීම සිදුවන්නේ රෝග
ලක්ෂණ පහළ වීමට දිනකට පෙර සිට රෝග ලක්ෂණ පහළ වී දින 5ක් පමණ වන තුරුයි.
එබැවින් සරම්ප රෝගය ඇති ළමුන් සෙනග ගැවසෙන ස්ථානවලට යෑමෙන් හා පාසැල්
යාමෙන් වැළකිය යුතුය.
සරම්ප ප්‍රතිශක්තිය ලබා දුන් ළමුන්ට සරම්ප සෑදීමේ හැකියාව ඉතා අඩුයි. එහෙත් ප්‍රතිශක්තිකරණය 100% සාර්ථක නොවේ.
සරම්ප ප්‍රතිශක්තිකරණය
ශ්‍රී ලංකාවේ EPI ප්‍රතිශක්තිකරණ වැඩසටහනට
අනූව සරම්ප ප්‍රතිශක්තිකරණ මාත්‍රා 02ක් ලබා දේ. පළමු මාත්‍රාව වයස මාස 03
දී හා දෙවන මාත්‍රාව වයස අවුරුදු 3 දී ලබා දේ.
උපුටා ගැනීම : suwasariya.gov.lk
No comments:
Post a Comment