ලිංගිකව හා රුධිරය හරහා මේ රෝගය සම්ප්‍රේෂණය වෙනවා. මෙය මවගෙන් දරුවාට බෝවීමේ ඉඩකඩ
වැඩියි. එමෙන්ම මේ රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ වගේම සුව වූ අයෙකුගෙන් තවත්
කෙනෙකුට මේ රෝගය බෝවන්නේ නැහැ.
මෙම විෂබීජය ශරීරයට ඇතුළු වී මාස 03 ක කාලයක් ඇතුළත ප්‍රාථමික උපදංශ රෝග ලක්‍ෂණ පහළ වෙනවා. ලිංගේන්ද්‍රියේ එක් තුවාලයක් හෝ තුවාල දෙකක් සෑදෙනවා. මේ තුවාලය ගැඹුරු තුවාලයක් වුවත් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. තුවාල නිසා වසා ගැටිති (කුද්දටි) ඉදිමීම සිදුවුවත් එහිදී ද වේදනාවක් දැනෙන්නේ නැහැ.
මේ තුවාල ස්වභාවිකව සුව වුණත් නිවැරදිව ප්‍රතිකාර නොකිරීම නිසා රෝග කාරක බැක්ටීරියාව ශරීරයේ ඉතිරිවීමෙන් ද්විතීක උපදංශ රෝගී තත්ත්වය ඇතිවිය හැකියි. මේ තත්ත්වය මාස 06 ක් 07 ක් ඇතුළත දී ශරීරයේ පලු හැටියට මතු වෙනවා. මේ පලු නිසා ශරීරය කිසිඳු කැසීමකට ලක් වන්නේ නැහැ. ශරීරය පුරා (ඉකිලි, ගෙල, කිහිලි) කුද්දටි මතුවීමත් මුඛයේ තුවාල ඇතිවීමත් ලිංගේන්ද්‍රියේ ගැටිති ඇතිවීමත්, කවාකාරව තැනින් තැන හිසකෙස් ගැලවී යාමත් දැකිය හැකියි.
රෝගියාගෙන් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන විට දී රෝගී අවස්ථාව හඳුනා ගැනීම පසු උපදංශය ලෙස හැඳින්වෙනවා. මේ තත්ත්වය උදා වන්නේ රෝගියා විසින් වෙනත් කටයුත්තක් සඳහා රුධිර පරීක්‍ෂණයකට යොමුවීමේ දීයි. ගර්භණී සායනයේ දී, විදෙස් ගත වීමක් සඳහා කෙරෙන රුධිර පරීක්‍ෂණයක දී හෝ රජයේ රැකියාවකට යාම සඳහා කෙරෙන රුධිර පරීක්‍ෂණයක දී මේ රෝගී තත්ත්වය හඳුනාගත හැකි වෙනවා.
උපදංශය සඳහා කෙරෙන මූලික පරීක්‍ෂණය වන VDRL පරීක්‍ෂණයේ දී රියැක්ටිව් (Reactive) හා නන් රියැක්ටිව් (Nonreactive) ලෙස වාර්තාව ලැබෙනවා. පරීක්‍ෂණය් ප්‍රතිඵලය රියැක්ටිවි නම් උපදංශය ඇතැයි සැක කළ හැකියි. නමුත් මෙහිදී සියයට සීයක්ම නිවැරදිව උපදංශය ඇතැයි නිගමනය කළ නොහැකියි.
මේ පරීක්‍ෂණය රියැක්ටිව් ලෙස ලැබෙන්නට හැකියාව ඇති වෙනත් රෝග ලක්‍ෂණ ද තිබෙනවා. කල්ගත සන්ධි ආබාධ (ආතරයිටීස්), පෙනහල්ල ආශි‍්‍රතව ඇතිවෙන වෛරස් ආසාදන, මැලේරියාව, බරවා, ලාදුරු වැනි රෝග සෑදී ඇත්නම් ප්‍රතිඵලය රියැක්ටිව් ලෙස ලැබිය හැකියි. රියැක්ටිව් අගය අඩු නම් උපදංශ රෝගය නොවීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.
උපදංශ රෝගී තත්ත්වයම දැයි තහවුරු කර ගැනීම සඳහා T P H A පරීක්‍ෂණය කළ හැකියි. මේ පරීක්‍ෂණය පොසිටිව් නම් පසු උපදංශ රෝගියෙකු බවට නිවැරැදිව තහවුරු කළ හැකියි. මෙවැනි අවස්ථාවක දී ද නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් උපදංශ රෝගය නිට්ටාවට සුවකර ගත හැකි වෙනවා. ඉන්පසු ලිංගික ගැටලු හෝ විවාහයට බාධා හෝ ඇතිවන්නේ නැහැ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා

No comments:
Post a Comment