රෝග කාරකය, මෙය හර්පිස් සිම්ප්ලෙක්‌ස් නම් වෛරසයක් මගින්
බෝවේ.
රෝගය බෝවන ආකාරය( මෙය ප්‍රධාන වශයෙන් ලිංගික සම්බන්ධතා මගින් බෝවේ. ශරීරයේ ශ්ලේෂ්මල පටල එකිනෙක ගැටෙන යෝනි, මුඛ හෝ ගුද සංසර්ගයේදී මෙම වෛරසය කෙනකුගෙන් තව කෙනකුට බෝවේ. මීට අමතරව ආසාධිත මවකගෙන් තම යෝනියෙන් බිහිවන දරුවාටද යෝනි පටක හා ස්‌පර්ශ වීමේදී වෛරසය බෝවිය හැකිය.
රෝග ලක්‍ෂණ
මෙහිදී කොටසකට රෝග ලක්‍ෂණ සහිත ආසාදන ඇතිවන අතර තවත් කොටසකට රෝග ලක්‍ෂණ රහිත ආසාදන ඇති වේ.
රෝග ලක්‍ෂණ සහිත ආසාදන( පවත්වන ලද ලිංගික සම්බන්ධයේදී ස්‌පර්ශ වූ ශ්ලේෂ්මල පටල ආශ්‍රිතව කුඩා වේදනාකාරි තුවාල සමූහයක් ඇති වේ. මේවා සාමාන්‍යයෙන් ශිෂ්ණයේ, යෝනි තොල් හා අවට ප්‍රදේශයේ, ගුද මාර්ගය අවට හෝ මුඛයේ තොල් හා උගුරේ ඇති වේ. මෙම ලක්‍ෂණ සාමාන්‍යයෙන් ලිංගික සම්බන්ධයේ සිට දින 2-5 පමණ ගතවීමත් සමඟම ඇති වේ. ගිහාන්ගේ රෝග ලක්‍ෂණ ඇතිවුණේ දින 4 කට පස්‌සෙයි. මීට අමතරව ශරීරයේ උණ ගතිය, මස්‌පිඩු වේදනාව, තුවාල ආශ්‍රිත ප්‍රදේශවල වසාගැටිති ඉදිමීමද දැකිය හැකිය.
එක්‌වරක් මෙම ලිංගික හර්පිස් තුවාල ඇතිවූ විට එය නැවත නැවත එම ප්‍රදේශයේම තුවාල ඇතිකරයි. මෙය පුනරාවර්තන හර්පිස් (Recurrent Herpes) ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙය මාස තුනකට වරක් ඇතිවිය හැකි අතර කල්ගතවත්ම තුවාල හැදෙන වාර ගණන, තුවාල ගණන, හා වේදනාකාරී ස්‌වභාවය ක්‍රමයෙන් අඩුවී යයි.
රෝග ලක්‍ෂණ රහිත ආසාදන( බහුතරයක්‌ම සිදුවන ආසාදන (80%) බාහිර රෝග ලක්‍ෂණ නොපෙන්වයි. එහෙත් ලිංගික සම්බන්ධතාවලදී රෝගය තව කෙනකුට බෝවිය හැකිය.
රෝගය හඳුනාගැනීම( රෝග ඉතිහාසය, රෝග ලක්‍ෂණ වල ස්‌වභාවය, තුවාල පාදයේ ශ්‍රාව පටල පරීක්‍ෂණ, වෛරස රෝපණය හෝ ප්‍රතිදේහ පරීක්‍ෂණ මගින් රෝගය හඳුනාගත හැක.
ලිංගික හර්පිස් වලදී මුහුණදීමට සිදුවන ගැටලු
1. රෝගය ප්‍රතිකාර මගින් නිට්‌ටාවට සුව කළ නොහැකි වුවත් පාලනය කළ හැකිය. මෙහිදී විශේෂ බරපතල ශාරීරික හානි සිදු නොවේ. ප්‍රතිකාර නොමැතිව වුවත් එය ස්‌වභාවයෙන්ම පාලනය වේ. නමුත් විටින් විට රෝග ලක්‍ෂණ ඇතිවීම නිසා සිතේ කනස්‌සල්ල, බිය හා පීඩාව ඇතිවේ.
ප්‍රතිකාර
මෙහිදී ප්‍රති වෛරස ඖෂධ මගින් ප්‍රතිකාර කරනු ලැබේ. ඒ සඳහා ලිංගාශ්‍රිත රෝග සායනයක් වෙත යොමු වන්න. සෑම ප්‍රධාන රෝහලකම ලිංගාශ්‍රිත රෝග සායනයන් පවතී.
රෝගය වලක්‌වා ගැනීම සඳහා විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කරන්න.
අනොන්‍ය වශයෙන් විශ්වාසවන්ත තමාගේ විවාහක පුරුෂයා හෝ භාර්යාව සමඟ පමණක් ලිංගික සබඳතා පවත්වන්න. නොහැකිනම් අනිවාර්යයෙන්ම කොන්ඩමයක් පාවිච්චි කරන්න.
වෛද්‍ය අජිත් කරවිට,
සමාජරෝගවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
ශික්‌ෂණ රෝහල, අනුරාධපුර.
උපුටා ගැනීම: www.divaina.com

No comments:
Post a Comment