එච්.අයි.වී. යනු කුමක්ද?
ඔව් සෑම එච්. අයි. වී. ආසාදිතයෙකුම ඒඩ්ස් තත්ත්වයට පත්වෙනවා. එම වෛරසය විනාශ කිරීමට හෝ එච්. අයි. වී. ආසාදිත තත්ත්වයෙන් මිදීමට මේ වන තෙක් කිසිඳු ඖෂධයක් සොයාගෙන නෑ.
නිරෝගී පුද්ගලයකුගේ සිරුරට එච්. අයි. වී. වෛරසය ඇතුළු වෙන්නේ කෙසේ ද?
ක්‍රම තුනකින් සිදුවෙන්න පුළුවනි. ඉන් පළමුවැන්න, එච්. අයි. වී. ආසාදිත පුද්ගලයකු සමඟ සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතාව. දෙවැන්න, ආසාදිත පුද්ගලයකුගේ රුධිරය හෝ රුධිර කොටස් නිරෝගී පුද්ගලයකුගේ රුධිරය සමඟ මිශ්‍ර වීම. තුන්වැන්න, එච්. අයි. වී. ආසාදිත මවකගෙන් දරුවාට ආසාදනය වීම. එය දරුවා ගර්භාෂයේ සිටින විට හෝ දරු ප්‍රසූතියේදී හෝ මවුකිරි මඟින් හෝ සිදුවිය හැකියි.
එච්.අයි.වී. පැතිරෙන්නේ නැති ක්‍රම
හාදු මගින්
වැසිකිළි මගින්
අත් ඇල්ලීමෙන්
කැස්සෙන්
ස්පර්ශයෙන්
කෘමීන්ගෙන්
කදුළු වලින්
ගංගා, තටාක හා මුහුදේ පිහිනීමෙන්
ඉහතින් සඳහන් කළ ආකාරයට ඒඩ්ස් තත්ත්වයට පත්වූ රෝගියකුගේ ජීවිතය ඉතා කෙටියි. එය අවුරුද්දක් දෙකක් පමණ විය හැකියි.
එහෙත් වෛරසය ආසාදනය වී ඒඩ්ස් තත්ත්වයට පත් නොවූ කෙනෙකුට ඉදිරි ජීවිත කාලය යහපත්ව ගතකිරීමේ හැකියාව දැන් තිබෙනවා. ආසාදිත තත්ත්වය හඳුනාගත්තොත් ලබාදෙන නවතම ප්‍රතිකාර ක්‍රම මඟින් රෝගියාගේ ශරීරය තුළ වෛරසය වැඩීම වැළකෙනවා. එමගින් එම පුද්ගලයා ඒඩ්ස් තත්ත්වයට පත්වීමට ගතවන කාලය දීර්ඝ කරගත හැකියි.
ශරීරය තුළ වෛරසය තිබෙන්නේ සුළු ප්‍රමාණයක් නම්, එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණයට ගැටලුවක් මතු වන්නේ නෑ. ආසාදිතයාට ලබාදෙන ප්‍රතිකාර මඟින් ශරීරගත වූ වෛරසය අඩුවීම ඊට හේතුවයි. එවිට එම පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව හොඳ තත්ත්වයකට ගෙන එන්න පුළුවන්.
එවිට වෙනත් රෝගයකට ගොදුරු වීමේ හැකියාව නැතිවී යනවා. එසේ වූ විට එම පුද්ගලයා එච්. අයි. වී. ආසාදිතයකු වුවත් ඔහුට සාමාන්‍ය පහසු ජීවිතයක් ගෙවීමට හැකි වෙනවා.
එයින් පැහැදිලි වන්නේ එච්. අයි. වී. ආසාදනය වුවත් නියමිත වෛද්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා ගනිමින් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කළහොත් වෙනත් අයකුට රෝගය වැලඳීමේ හැකියාව අඩුවන බවයි; එමෙන්ම ඉදිරි ජීවිත කාලය සාර්ථකව ගත කිරීමට හැකියාව ලැබෙන බවයි.
ඔබ ආසාදනය වී ඇති බව දැන ගැනීමට ඇති පරීක්ෂණ
හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂණයකින්ම පමණයි. යමෙකු තමා කිසියම් අවදානම්
සහගත ලිංගික ඇසුරකට යොමුවී යැයි කියා සැක සිතුණොත් එදිනම රුධිර පරීක්ෂාවක්
කර ගැනීමෙන් ප්‍රතිඵලයක් අත්වන්නේ නෑ. මෙම පරීක්ෂණයේ නිවැරැදි ප්‍රතිඵල දැන
ගැනීමට අවදානම් සහගත ලිංගික හැසිරීමකට යොමුවී මාස තුනකවත් කාලයක් ගත විය
යුතුයි. මාස තුනකදී ඉතා නිවැරදිව ඒ බව කිව හැකියි.
ඒ නිසයි එච්.අයි.වී. සඳහා
කරනු ලබන පළමු පරීක්ෂණය සිදු කර මාස තුනකට පසුව නැවත පරීක්ෂණයක් සිදු කරන්නේ.
නමුත් ඕනෑම අවස්ථාවක ලිංගාශි‍්‍රත රෝග සායනයකට ගොස් රුධිර පරීක්ෂාවක් කර ගැනීම වැදගත්. ඒ නිසා නොදන්නා සහකරුවකු, සහකාරියක සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතාවක් පැවැත්වූවේ නම්, සමලිංගික සබඳතාවකට යොමු වූයේ නම්, මත්ද්‍රව්‍ය විදීමට ගන්නා උපකරණ හුවමාරු කරගන්නා අයෙකු නම්, ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ හැර වෙනත් අය සමඟ ලිංගික සබඳතා පවත්වන බව දන්නේ නම් හෝ හැඟේ නම්, වහාම රුධිර පරීක්ෂණයකට යොමුවීම වැදගත්. එමඟින් තමාගේ එච්.අයි.වී. ආසාදිත තත්ත්වය පිළිබඳව නිශ්චිතවම කල්තියා දැනගත හැකියි.
එසේ වෛරසය ශරීරගතවී ඇති බව ඔප්පු වුණොත් නොමිලයේම ලබාදෙන ප්‍රතිකාරවලට සහ උපදේශන සේවාවලට යොමුවිය හැකියි. ඊටත් අමතරව වෙනත් අයකුට තමාගෙන් බෝවීම වළක්වා ගත හැකියි. විශේෂයෙන්ම ගර්භණී මවක නම්, කුස තුළ සිටින දරුවාට ආසාදනය පැතිරීම වළක්වා ගත හැකියි.
කිසියම් බිරියක් සිතනවා නම් තමාගේ සැමියා වෙනත් කාන්තාවක් ඇසුරු කරනවා යැයි කියා ඒ සඳහා සාධක ද ඇත්නම් බිරිය රුධිර පරීක්ෂණය සිදුකර ගැනීම සුදුසුයි. එවැනි ගැටලුවලට මුහුණ දුන් ඕනෑතරම් බිරියන් ලිංගාශ්‍රිත රෝග සායනවලට පැමිණෙනවා. ලිංගාශ්‍රිත රෝග සායනයකට යාම ඉතාම නුසුදුසු දෙයක්, එය මදිකමක්, ලජ්ජාවට කරුණක් යැයි කිසි විටෙකත් සිතිය යුතු වන්නේ නෑ.
ඒවා පැරණි මත. ලිංගාශ්‍රිත රෝගයක හෝ එච්.අයි.වී. ආසාදනයක සැකයක් ඇත්නම් වඩාත්ම සුදුසු වන්නේ සායනයකට ගොස් වෛද්‍යවරුන් හමුවී තම ගැටලුව පවසා තමාගේ සැකය දුරු කර ගැනීමයි.
මෙහිදී ලබාදෙන ඖෂධ වෙනත් ඖෂධ වගේමද?
එච්.අයි.වී. ආසාදිතයන් සඳහා ලබාදෙන ඖෂධ හිසරදයට, උණ සෙම්ප්‍රතිශ්‍යාවට ලබාදෙන ඖෂධ සේ සරලව සිතීම සුදුසු වන්නේ නෑ. එම ඖෂධ දිනයේ නියමිත වේලාවකටම දිනපතා ජීවිත කාලය පුරාම ගත යුතු වෙනවා. ඖෂධ පටන් ගැනීමට පෙර වෛද්‍යවරුන් මේ පිළිබඳව රෝගියා සමඟ දිගින් දිගටම සාකච්ඡා කරනවා. එසේ සාකච්ඡා කිරීමෙන් පසුවයි රෝගියා ඖෂධ ලබාගත යුතු වේලාව පිළිවෙළ තීරණය වන්නේ.
එහිදී තීරණය කරගන්නා නිශ්චිත වේලාවකටම ඖෂධය ලබාගැනීම ඉතා වැදගත්. එසේ නොවුණහොත් එම ඖෂධවලින් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඖෂධ ගැනීමේ නිසි පිළිවෙළක් නැතිනම්, ශරීරය තුළ වෙනස් වෙනස් ආකාරයේ වෛරස නිර්මාණය වෙනවා. එය විශාල ගැටලුවක්. එවිට රෝගියාට දීමට සුදුසු ඖෂධ නැතිව යනවා
එච්.අයි.වී. වෛරසය විනාශ කිරීමට හෝ මර්දනය කිරීමට විකල්ප වෛද්‍ය ක්‍රම තිබෙනවාද?
වෛරසය විනාශ කරන්න ඖෂධයක් තවම සොයා ගෙන නෑ. බටහිර වෛද්‍ය ක්‍රම සහ ඖෂධ මඟින් වෛරසය හොඳින් පාලනය කළ හැකියි. එච්.අයි.වී. සඳහා කරන බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතරමග නවතා විකල්ප වෛද්‍ය ක්‍රමවලට යොමුවීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. එයින් සිදුවන්නේ රෝගියාගේ ජීවිතය කෙටිවීම පමණයි.
No comments:
Post a Comment